2025 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයට අදාළ සියලුම උපකාරක පන්ති, දේශන සහ සම්මන්ත්‍රණ අද (04) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වනවා.
විභාගය අවසන් වන තුරු එම තහනම ක්‍රියාත්මක බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 3,45,250ක් පෙනී සිටීමට නියමිත බවයි විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ පැවසුවේ.
ඉන් පාසල් අයදුම්කරුවන් 246,521ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 94,004ක් වනවා.
දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,362ක විභාගය පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් කළා.
2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය එළඹෙන 10 වනදා ආරම්භ වන අතර, දෙසැම්බර් මස 05 වනදා දක්වා විභාගය පැවැත්වෙනවා.















