උසස්පෙළ උපකාරක පංති අද මැදියම් රැයෙන් තහනම් – විභාගයට අයදුම්කරුවන් 3,45,250ක්

2025 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයට අදාළ සියලුම උපකාරක පන්ති, දේශන සහ සම්මන්ත්‍රණ අද (04) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වනවා.

විභාගය අවසන් වන තුරු එම තහනම ක්‍රියාත්මක බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 3,45,250ක් පෙනී සිටීමට නියමිත බවයි විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ පැවසුවේ.

ඉන් පාසල් අයදුම්කරුවන් 246,521ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 94,004ක් වනවා.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,362ක විභාගය පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් කළා.

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය එළඹෙන 10 වනදා ආරම්භ වන අතර, දෙසැම්බර් මස 05 වනදා දක්වා විභාගය පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:22
Video thumbnail
හොරාගෙන් පේන අහන වැඩක් - නලින්දගේ ප්‍රකාශයට මුජිබුර්ගෙන් සැර කතාවක්
05:25
Video thumbnail
වෙනත් ගිණුමකට බැරවුණු මුදල ගැන විපක්ෂය දැනගෙන මුනිවත රැක්කද ?.මුජිබුර් පිළිතුරු දෙයි
02:48
Video thumbnail
ඇයි ජනපති මේක පාර්ලිමේන්තුවෙන් වසන් කළේ ? බරපතළ ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක්
02:44
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව ආණ්ඩුව යට ගහනවා..පැහැදිලිවම වෙන ගිණුමකට දාලා l Mujibur Rahman
03:48
Video thumbnail
මම පාවා දෙන්න පට්ට චරිතයක්..කපටිකම උපරිමයි..අතීතයේ ඩඩ්ලි කරපු වැඩ හිනාවෙවී කිව්ව හැටි
07:15
Video thumbnail
ඉරාන් ක්‍රිකට් බෝඩ් එක භාරගන්නවද ? "භාරදෙන්න එපැයි භාරගන්නවද නැද්ද කියන්න"
02:13
Video thumbnail
සමහරු දැන් මගෙන් ඉගෙන ගන්න එනවා..ලාල්කාන්ත හැමෝගෙම ඉස්සරහා කිව්ව කතාව
03:38
Video thumbnail
ඉල්ලා අස්වුණු ශම්මි සිල්වා පිටව ගිය හැටි
00:21
Video thumbnail
විශ්ව විද්‍යාල ශිෂ්‍යයයින් අධ්‍යාපන අමාත්‍යංශය වට කරයි..අපේ සටන පුළුවන්නම් නවත්තපන්
02:44