Update – පොලිස් රාජකාරියට බාධා කළ කාන්තාව රිමාන්ඩ් (වීඩියෝ)

රථවාහන වරදක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේ දී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ප්‍රකොපකරිව හැසුරුණු සිද්ධියට අත්අඩංගුවට ගැනුණු කාන්තාව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ගම්පහ පොලිසිය විසින් අද (01) දිනයේ ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කර ඇත්තේ.

ඊයේ (31) දින ගම්පහ පොලිස් වසමේ කොටුගොඩ උඩුගම්පොළ මාර්ගයේ මෙම සිදුවීම සිදුව ඇති අතර, මෝටර් රථයක් පදවාගෙන පැමිණි කාන්තාවක් රථවාහන වරදක් සම්බන්ධයෙන් නැවැත්වීමට සංඥා කිරීමේදී, කාර් රථය නොනවත්වා ධාවනය කර ඇති අතර, පසුව රථ වාහන නිලධාරීන් විසින් මෙම කාර් රථය පසුපස හඹා ගොස් උඩුගම්පොල ප්‍රදේශයේ දී නවත්වා පරීක්ෂා කරන අවස්ථාවේ දී මෙලෙස රාජකාරියට බාධා කරමින් ඇය හැසිරී තිබෙනවා.

මෙහිදී මෝටර් රථයක් නවත්වන ලද අවස්ථාවේ ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ නම සඳහන් කරමින් සහ එම කාන්තාව අදාළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නැගණිය බව පවසමින් පොලිස් රාජකාරියට බාධා කරමින් හැසිරන වීඩියෝවක් ද මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

කෙසේ වෙතත් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ නැගණිය ලෙස සිදුකරන ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍යයක් වන අතර එවැනි කිසිම සබඳතාවයක් නොමැති බවයි අනාවරණය වී ඇත්තේ.

ඒ, අනුව සැකකාර කාන්තාව අන්තරාදායක ලෙස රිය ධාවනය, අපරික්ෂාකාරී රිය ධාවනය, පොලිස් සංඥා නොතකා ධාවනය, සාපරාධී බලහත්කාරය පෑම හා අන්අයෙකු ලෙස පෙනී සිටීම යන චෝදනා අත්අඩංගුවට ගෙන මෙලෙස අධිරණයට ඉදිරිපත් කර තිබුණා.

  1. නීති ගරුක සමාජයක් බිහිකරමු.
    සියලු දෙනාටම, සියලු වැරදි වලට නීත්‍යානුකූලව ක්‍රියාත්මක කිරීම ඉතා අගනේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14