තමාව පාතාලයට සම්බන්ධ බවට පොලිපති ප්‍රියන්ත වීරසූරිය සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන පවසනවා.
කොළඹ දී අද (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන අපරාධ කල්ලි සමාජිකයින් සමඟ සබඳතා පවත්වා ඇති බවට පොලිස්පතිවරයා ඊයේ (26) ප්‍රකාශයක් සිදුකළා.
මේ අතර තමන්ට ජීවිත තර්ජන ඇති බවට ජගත් විතාන මන්ත්‍රීවරයා පසුගිය සිකුරාදා දිනයේ පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකළා.
මන්ත්‍රීවරයා සිඩුකල එම ප්‍රකාශයත් සමඟ ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යෙදවීමට කටයුතු කර තිබුණා.
අද (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මන්ත්‍රීවරයා පැවසුවේ අදාළ පොලිස් ආරක්ෂාව තමාට ලබාදී ඇත්තේ තාවකාලිකව බවයි.















