තමා පාතාලයට සම්බන්ධ බවට පොලිස්පති කී කතාවට මන්ත්‍රී ජගත් විතාන නීතිය හමුවට (වීඩියෝ)

තමාව පාතාලයට සම්බන්ධ බවට පොලිපති ප්‍රියන්ත වීරසූරිය සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන පවසනවා.

කොළඹ දී අද (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන අපරාධ කල්ලි සමාජිකයින් සමඟ සබඳතා පවත්වා ඇති බවට පොලිස්පතිවරයා ඊයේ (26) ප්‍රකාශයක් සිදුකළා.

මේ අතර තමන්ට ජීවිත තර්ජන ඇති බවට ජගත් විතාන මන්ත්‍රීවරයා පසුගිය සිකුරාදා දිනයේ පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකළා.

මන්ත්‍රීවරයා සිඩුකල එම ප්‍රකාශයත් සමඟ ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යෙදවීමට කටයුතු කර තිබුණා.

අද (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මන්ත්‍රීවරයා පැවසුවේ අදාළ පොලිස් ආරක්ෂාව තමාට ලබාදී ඇත්තේ තාවකාලිකව බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25