රෝස පාටින් සැරසී පැමිණෙන්න – කථානායකවරයාගෙන් දැනුම්දීමක්

ඔක්තෝබර් මාසයට යෙදෙන ගෝලීය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමට සියලුම මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් රෝස පැහැති හෝ රෝස පැහැය සහිත ඇඳුමින් සැරසී, හෙට (22) දින පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස කථානායක ජගත් වික්‍රමරත්න අද (21) පාර්ලිමේන්තුවට නිවේදනය කරනු ලැබුවා.

එසේම ගෝලීය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීම සංකේතවත් කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියන්ගේ සංසදය විසින්, හෙට දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ මන්ත්‍රීවරියන්ට පැළඳීම සඳහා ලාංඡනයක් බෙදා හැරීමට කටයුතු සුදානම් කර ඇති බවත්, පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරයන්ට එම ලාංඡනය මන්ත්‍රී පිවිසුමේ දී හෙට දින ලබා දීමට කටයුතු කරනු ලබන බවත්, කථානායකරයා පාර්ලිමේන්තුවට නිවේදනයකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?