ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය සමඟ තුන්කොන් තරගාවලියෙන් ඇෆ්ගනිස්ථානය ඉවත්වෙයි

ශ්‍රී ලංකාව, පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය සහභාගීත්වයෙන් පත්වීමට නියමිතව තිබෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන් ඇෆ්ගනිස්ථානය ඉවත්වීමට තීරණයකර තිබෙනවා.

පාකිස්ථාන ගුවන් ප්‍රහාරවලින් ඇෆ්ගනිස්ථාන දේශීය ක්‍රිකට් ක්‍රීඩකන් තිදෙනෙක් මියයාමත් සමඟ ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම දැඩි තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පක්ටිකා පළාතේ ප්‍රධාන නරගය වන ෂරානා හි පැවති ක්‍රිකට් තරගයකින් පසු නිවසට යමින් සිටි දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු පාකිස්ථාන ගුවන් ප්‍රහාරයකින් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඇෆ්ගන් ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේ.

මෙම ඛේදජනක සිදුවීමත් සමඟ පාකිස්ථානයට විරෝධය පළ කිරීමක් ලෙස නොවැම්බර් අගදී පාකිස්ථාන සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත තුන්කොන් විස්සයි විස්ස තරගාවලියෙන් ඉවත්වීමට ඇෆ්ගනිස්ථාන තීරණය කර තිබෙනවා.

කබීර්, සිබ්ගතුල්ලා සහ හරූන් යන දේශීය ක්‍රීඩකයින් තිදෙනාට අමතරව තවත් ඇෆ්ගනිස්ථාන ජාතිකයින් පස්දෙනෙක් මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

ශ්‍රී ලංකාව, පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර තුන්කොන් තරගාවලිය එළඹෙන නොවැම්බර් 17 සිට 29 දක්වා පැවැත්වීමටයි කටයුතු සැලසුම්කර තිබුණේ.

කෙසේ වෙතත් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය තවමත් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකර නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56