විජයදාස රාජපක්ෂට ලේක් හවුස් ආයතනයෙන් මිලියන පන්සීයක වන්දියක්

2007 වසරේ නොවැම්බර් මස විජයදාස රාජපක්ෂ එවකට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට යාමෙන් පසු සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක් හවුස්) මගින් මුද්‍රණය කොට බෙදාහරින ලද සිළුමිණ පුවත්පතේ පිටු දෙකක් පුරාවට ඔහු සම්බන්ධව ද්වේශ සහගත අපහාසාත්මක ප්‍රකාශ ඇතුළත් කර ඇති අතර ඒ හේතුවෙන් ඔහුට සිදුව ඇති අලාභය ලෙස රුපියල් මිලියන 500ක මුදලක් ගෙවන ලෙසට ඉල්ලා ඔහු 2009 වසරේ කොළඹ දිසා අධිකරණයේ එකී සමාගමට සහ එම පුවත් පතේ ප්‍රධාන කතෘවරයාට එරෙහිව නඩුවක් පවරනු ලැබුවා.

එම නඩුව විභාග කිරීමෙන් පසු පැමිණිළිකරු අයද සිටි අලාභ මුදල ගෙවන ලෙසට කොළඹ දිසා අධිකරණය 2010 වසරේ දී තීන්දු කළ අතර එම තීන්දුවට එරෙහිව සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම කොළඹ සිවිල් අභියාචනා මහාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරන ලද අතර එම අධිකරණය විසින් එම අභියාචනය 2013 වසරේ දී නිෂ්ප්‍රභා කර තිබෙනවා.

එකී තීන්දුවට එරෙහිව සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරන ලද අතර එම අභියාචනය පිළිබදව දීර්ඝ විමර්ශනයකින් පසුව අද දින එනම් 2025 ඔක්තෝබර් මස 14 දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභා කිරීමට නියෝග කරනු ලැබුවා.

ඒ අනුව කොළඹ දිසා අධිකරණය විසින් විජයදාස රාජපක්ෂට රුපියල් මිලියන 500ක මුදලක් ගෙවන ලෙසට සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට එරෙහිව ලබා දෙන ලද තීන්දුව බලාත්මක වනවා.

ගරු ජනක් ද සිල්වා, ගරු අචල වෙන්ගප්පුලි සහ ගරු සෝභිත රාජකරුණා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමන්ලා ඉදිරියේදී එම අභියාචනය විභාගයට ගන්නා ලද අතර පැමිණිලිකාර විජයදාස රාජපක්ෂ වෙනුවෙන් ජ්‍යෙෂඨ නීතීඥ ජී. ජී. අරුල්ප්‍රගාසම්ගේ උපදේස් පරිදි නීතීඥ සජාන ද සොයිසා, රන්ධිවරී අරන්ගල සමඟ ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා පෙනී සිටි අතර එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම වෙනුවෙන් ජනාධිපති නීතිඥ පයිස් මුස්තාපා පෙනීසිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57