ලෝකයම බියට පත් කරමින් කොරෝනා ගැන තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

කොරෝනා වෛරසය චීනයේ වුහාන් විද්‍යාගාරයක සිදු වූ කාන්දුවක් හේතුවෙන් ලෝකයට ව්‍යාප්ත වූ බවට ලෝකයේ ප්‍රධාන රටවල් කිහිපයක් තුළම දැන් විශ්වාසයක් ගොඩ නැගෙමින් තිබේ.

මේ බව නවතම අනාවරණයක් කරන්නට ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය තුළ ආහාර සහ ඖෂධ පරිපාලන කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ දැන් ලෝකයේ සාර්ථකම කොරෝනා එන්නත වන ෆසියර් හී අධ්‍යක්ෂක මණ්ඩලයේ සිටින ස්කොට් ගොට්ලීබ් කටයුතු කර තිබේ.

ඔහු සඳහන් කර සිටින්නේ කොරෝනා වෛරසය සතුන්ගෙන් ව්‍යාප්ත වූ බවට මෙතෙක් පැහැදිළි සාක්ෂි මඟින් අනාවරණය කරගන්න හැකියාවක් ලැබී නොමැති බවත්, මෙම වෛරසය වුහාන්වල විද්‍යාගාරයකින් කාන්දු වන්නට ඇති බවට පළවන චෝදනාවලට පිළිතුරු සඳහා චීනය විසින් පැහැදිළි සාක්ෂි ඉදිරිපත් නොකර ඇති බවයි.

එමෙන්ම ඇමෙරිකාවේම පර්යේෂකයෙකු මෙන්ම එන්නත් සංවර්ධනය සඳහා ටෙක්සාස් ළමා රෝහල් මධ්‍යස්ථානයේ සම අධ්‍යක්ෂ පීටර් හොටෙස් විසින් රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් පවසා සිටියේ වසංගතයට තුඩු දුන් වෛරසයේ මූලාරම්භ වූයේ කෙසේදැයි නොදැන ලෝකය අනාගතයේදී තවත් වෛරස් පැතිරීමේ අවදානමකට ලක්ව ඇති බවයි.

ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙම වෛරසය කොවිඩ්-26 සහ කොවිඩ්-32 දක්වා ඉදිරියට යෑමට පෙර වහාම කොවිඩ්-19 වෛරසය නිර්මාණය වූ ආකාරය පිළිබඳව සොයා බැලිය යුතුව ඇති බවයි.

චීනයේ වුහාන් හී සත්ත්ව මාංශ වෙළෙඳපොළක් මූලික කරගෙන ආරම්භ වූ කොරෝනා වෛරසය පිළිබඳව ලෝකයට අනාවරණය වී වසර එකහමාරකට ආසන්න කාලයක් ගතවී ඇතත් වෛරසයේ නිශ්චිත මූලාරම්භය පිළිබඳව තවමත් නිශ්චිත හෝඩාවුවාක් සොයා ගැනීමට සමත්වී නොමැත.

බොහෝ විද්‍යාඥයින් පිරිසක් මෙම වෛරසය සතුන්ගෙන් මිනිසාට බෝ වන්නට ඇති බවට උපකල්පනය කරමින් සිටින අතර හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය සමය තුළ සමාජ ගත වූ මෙම වෛරසය විද්‍යාගාරයක් තුළ නිපදවා ඇති බවට වන මතය ද දැන් දැඩිව සමාජ ගතවෙමින් පවතින අතර එය ජෝ බයිඩන් පරිපාලනයේ ද දැඩි අවධානයකට ලක්ව තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09