ලෝකයම බියට පත් කරමින් කොරෝනා ගැන තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

කොරෝනා වෛරසය චීනයේ වුහාන් විද්‍යාගාරයක සිදු වූ කාන්දුවක් හේතුවෙන් ලෝකයට ව්‍යාප්ත වූ බවට ලෝකයේ ප්‍රධාන රටවල් කිහිපයක් තුළම දැන් විශ්වාසයක් ගොඩ නැගෙමින් තිබේ.

මේ බව නවතම අනාවරණයක් කරන්නට ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය තුළ ආහාර සහ ඖෂධ පරිපාලන කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ දැන් ලෝකයේ සාර්ථකම කොරෝනා එන්නත වන ෆසියර් හී අධ්‍යක්ෂක මණ්ඩලයේ සිටින ස්කොට් ගොට්ලීබ් කටයුතු කර තිබේ.

ඔහු සඳහන් කර සිටින්නේ කොරෝනා වෛරසය සතුන්ගෙන් ව්‍යාප්ත වූ බවට මෙතෙක් පැහැදිළි සාක්ෂි මඟින් අනාවරණය කරගන්න හැකියාවක් ලැබී නොමැති බවත්, මෙම වෛරසය වුහාන්වල විද්‍යාගාරයකින් කාන්දු වන්නට ඇති බවට පළවන චෝදනාවලට පිළිතුරු සඳහා චීනය විසින් පැහැදිළි සාක්ෂි ඉදිරිපත් නොකර ඇති බවයි.

එමෙන්ම ඇමෙරිකාවේම පර්යේෂකයෙකු මෙන්ම එන්නත් සංවර්ධනය සඳහා ටෙක්සාස් ළමා රෝහල් මධ්‍යස්ථානයේ සම අධ්‍යක්ෂ පීටර් හොටෙස් විසින් රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් පවසා සිටියේ වසංගතයට තුඩු දුන් වෛරසයේ මූලාරම්භ වූයේ කෙසේදැයි නොදැන ලෝකය අනාගතයේදී තවත් වෛරස් පැතිරීමේ අවදානමකට ලක්ව ඇති බවයි.

ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙම වෛරසය කොවිඩ්-26 සහ කොවිඩ්-32 දක්වා ඉදිරියට යෑමට පෙර වහාම කොවිඩ්-19 වෛරසය නිර්මාණය වූ ආකාරය පිළිබඳව සොයා බැලිය යුතුව ඇති බවයි.

චීනයේ වුහාන් හී සත්ත්ව මාංශ වෙළෙඳපොළක් මූලික කරගෙන ආරම්භ වූ කොරෝනා වෛරසය පිළිබඳව ලෝකයට අනාවරණය වී වසර එකහමාරකට ආසන්න කාලයක් ගතවී ඇතත් වෛරසයේ නිශ්චිත මූලාරම්භය පිළිබඳව තවමත් නිශ්චිත හෝඩාවුවාක් සොයා ගැනීමට සමත්වී නොමැත.

බොහෝ විද්‍යාඥයින් පිරිසක් මෙම වෛරසය සතුන්ගෙන් මිනිසාට බෝ වන්නට ඇති බවට උපකල්පනය කරමින් සිටින අතර හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය සමය තුළ සමාජ ගත වූ මෙම වෛරසය විද්‍යාගාරයක් තුළ නිපදවා ඇති බවට වන මතය ද දැන් දැඩිව සමාජ ගතවෙමින් පවතින අතර එය ජෝ බයිඩන් පරිපාලනයේ ද දැඩි අවධානයකට ලක්ව තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00


?