කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම දෙපාර්තමේන්තුව පවසන්නේ නැගෙනහිර, ඌව, මධ්‍යම පළාත් සහ පොලොන්නරුව, හම්බන්තොට දිස්ත්‍රික්කවල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි.
ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් දැනුම්දෙනවා.
අද (11) මධ්‍යහන 12ට නිකුත් කළ එම නිවේදනය අද රාත්‍රී 11 දක්වා වලංගු වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
1
+1
1





