වප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි

උතුම් වප් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.
.
පෙර වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේලා මහා පවාරණයෙන් වස් පවාරණය කිරීම ඇතුළු ශාසනික වශයෙන් සුවිශේෂී සිදුවීම් රැසක් වප් පුර පසළොස්වක පොහෝ දින සිදුවීම ද විශේෂත්වයක්.

සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කෙරූ බුදුරාජණන් වහන්සේ දෙව්ලොවින් නික්ම දඹදිව සංකස්සපුරයට වැඩම කර මහා පෙළහර පාමින් වැඩසිට ඇත්තේ ද අදවන් පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සදහන්.

එමෙන්ම සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අගතැන් ලැබීම, මෛත්‍රී බෝධිසත්වයන් ගෞතම සම්බුදු සසුනේ පැවිදි බව ලැබීම, ථූපාරාම සෑ මළුවේ විනය සංගායනාව සිදුකිරීම, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රන් කටාරමෙහි පිහිටීම යනාදී ශාසනික සංසිද්ධීන් කිහිපයක් ම අද වැනි උතුම් වප් පුර පසළොස්වක පොහෝ දිනයේ සිදුව තිබෙනවා.

අදට යෙදී ඇති වප් පුර පසළොස්වක පොහෝ දිනය නිම්ත්තෙත් දිවයින පුරා පිහිටි වෙහෙර විහාරස්ථානවල විවිධ වූ ආගමික වැඩසටහන් සංවිධානය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?