මෙම වසරේ ගතවූ මාස 09ක කාලය තුළ සිදුකළ වැටලීම්වලින් හෙරොයින් කිලෝග්‍රෑම් 1,248ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.
එමෙන්ම එම කාලය තුළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1,852 ක් පොලිසිය භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඊට අමතරව කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 29ක් ද ගතවූ මාස 09ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බවයි ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කළේ.
මේ අතර විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට පොලිසිය ජනතාවට තවත් නව දුරකථන අංක රැසක් ඊයේ (03) හඳුන්වා දුන්නා.
ඒ,අනුව දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ කොට්ඨාශ භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ඇතුළු ඉහළ නිලධාරින් රැසකගේ දුරකථන අංක ඇමතීමෙන් එම තොරතුරු ලබාදීමේ හැකියාව පවතිනවා.





