Update – සංවිධානාත්මක අපරාධකරුවෙක්වන ‘ටින්කර්’ ගුවන්තොටේදී අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ශ්‍රීධරන් නෙරංජන් නොහිත් ‘ටින්කර්’ නැමැත්තා කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සංවිධානාත්මක අපරාධකරුවා ඩුබායි සිට මෙරටට පැමිණි අවස්ථාවේ ගුවන්තොටුපොළේ දී අද (01) අලුයම අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මොහු ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවල්කර එවීමේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙලස අත්අඩංගුවට ගැනුණු සැකකරු කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36ක පුද්ගලයෙක්.

මොහු, සංවිධානාත්මක අපරාධකරුවෙක් වෙන පලිනි ශිරාන් ග්ලොරියන් නොහොත් ‘කොච්චිකඩේ ශිරාන්’ නැමැත්තාගේ අනුගාමිකයෙකු බවයි සැලකෙන්නේ.

දැනට මොහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද පනවා ඇති අතර, සැකකරු 2025.08.19 දින විදෙස් ගතවී ඇති බවයි දැනට සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පෑලියගොඩ පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.

සැකකරු අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

01
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?