Update – සංවිධානාත්මක අපරාධකරුවෙක්වන ‘ටින්කර්’ ගුවන්තොටේදී අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ශ්‍රීධරන් නෙරංජන් නොහිත් ‘ටින්කර්’ නැමැත්තා කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සංවිධානාත්මක අපරාධකරුවා ඩුබායි සිට මෙරටට පැමිණි අවස්ථාවේ ගුවන්තොටුපොළේ දී අද (01) අලුයම අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මොහු ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවල්කර එවීමේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙලස අත්අඩංගුවට ගැනුණු සැකකරු කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36ක පුද්ගලයෙක්.

මොහු, සංවිධානාත්මක අපරාධකරුවෙක් වෙන පලිනි ශිරාන් ග්ලොරියන් නොහොත් ‘කොච්චිකඩේ ශිරාන්’ නැමැත්තාගේ අනුගාමිකයෙකු බවයි සැලකෙන්නේ.

දැනට මොහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද පනවා ඇති අතර, සැකකරු 2025.08.19 දින විදෙස් ගතවී ඇති බවයි දැනට සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පෑලියගොඩ පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.

සැකකරු අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

01


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56