බාල වයස්කාර දැරියක් නීත්‍යානුකූලව භාරකාරත්වයෙන් අපහරනය කිරීම සහ බරපතල ලෙස ලිංගික අපයෝජනය කිරීම යන චෝදනා දෙකට වැරදිකරු කර මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර දහයක සිරදඬුවම් නියම කර තිබූ තිස්හත් හැවිරිදි දෙදරු පියකු පියෙකු ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුන් ලංකා ජයරත්නය අද (29) නියෝග කළා.
මහාධිකරණ මගින් එකී සිරදඬුවම් නියම කිරීම හේතුවෙන් සිය සේවා දායකයාගේ හතර හැවිරිදි ඩවුන් සින්ඩ්‍රොම් නැමති රෝගයෙන් පීඩා විඳින දරුවා මේ වන විට රිජ්වේ ආර්‍යා ළමා රෝහලට ඇතුළත් කර ඇති බවත් එලෙස රෝගය උත්සන්න වී ඇත්තේ පියාගේ සෙහෙනස අහිමි විම නිසා බවද රෝහලේ වෛද්‍යවරුන් දුන් වාර්තා ද ඉදිරිපත් කරමින් විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසිත විපුලනායක පෙන්වා දුන්නා.
මහාධිකරණය විසින් පසුගිය ජුනි 11 වැනිදා ලබාදුන් සිරදඬුවමට හා දඩවලට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ සිය සේවාදායකයා අභියාචනයක් ගොනු කර ඇති බවද විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළා.
එකී කරුණු සලකා බැලූ විනිසුරුවරිය මධුසංඛ තරංග බණ්ඩාර නැමති එකී විත්තිකරු රුපියල් 15,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ අතර විත්තිකරුගේ විදෙස් ගමන් ද තහනම් කරනු ලැබුවා.















