දැරියක් කෙලෙසා හිරේ ගිය වැරදිකරුට දැරියක් නිසා ඇප හිමිවෙයි

බාල වයස්කාර දැරියක් නීත්‍යානුකූලව භාරකාරත්වයෙන් අපහරනය කිරීම සහ බරපතල ලෙස ලිංගික අපයෝජනය කිරීම යන චෝදනා දෙකට වැරදිකරු කර මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර දහයක සිරදඬුවම් නියම කර තිබූ තිස්හත් හැවිරිදි දෙදරු පියකු පියෙකු ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුන් ලංකා ජයරත්නය අද (29) නියෝග කළා.

මහාධිකරණ මගින් එකී සිරදඬුවම් නියම කිරීම හේතුවෙන් සිය සේවා දායකයාගේ හතර හැවිරිදි ඩවුන් සින්ඩ්‍රොම් නැමති රෝගයෙන් පීඩා විඳින දරුවා මේ වන විට රිජ්වේ ආර්‍යා ළමා රෝහලට ඇතුළත් කර ඇති බවත් එලෙස රෝගය උත්සන්න වී ඇත්තේ පියාගේ සෙහෙනස අහිමි විම නිසා බවද රෝහලේ ⁣වෛද්‍යවරුන් දුන් වාර්තා ද ඉදිරිපත් කරමින් විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසිත විපුලනායක පෙන්වා දුන්නා.

මහාධිකරණය විසින් පසුගිය ජුනි 11 වැනිදා ලබාදුන් සිරදඬුවමට හා දඩවලට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ සිය සේවාදායකයා අභියාචනයක් ගොනු කර ඇති බවද විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළා.

එකී කරුණු සලකා බැලූ විනිසුරුවරිය මධුසංඛ තරංග බණ්ඩාර නැමති එකී විත්තිකරු රුපියල් 15,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ අතර විත්තිකරුගේ විදෙස් ගමන් ද තහනම් කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56