ක්ලිනික් යන මුවාවෙන් අයිස් බෙදලා, තරුණ අඹුසැමි යුවළක් කොටු

ගැබිණි මව්වරුන්ගේ සායනයට යන මුවාවෙන් ඇසුරුම් කරන ලද අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත අඹුසැමි යුවළක් නාවලපිටිය පොලිසිය මඟින් අද (26) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අඹුසැමි යුවළ විසින් ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලබාගෙන, යතුරුපැදියකින් ගොස් ගම්පොළ, නාවලපිටිය යන ප්‍රදේශවල අයිස් මත්ද්‍රව්‍ය බෙදාහැර ඇති බවටයි පොලිසියට තොරතුරු ලැබී ඇත්තේ.

ඒ, අනුව නාවලපිටිය දොළොස්බාග මාර්ගයේ පිහිටි පැරණි දුම්රිය නිළ නිවස අසළ ඇසුරුම් කරන ලද අයිස් පැකට් තබමින් සිටිය දී මෙම යුවළ අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

එහිදී සැකකරු සහ සැකකාරිය පරීක්ෂා කිරීමේ දී ඇසුරුම් කරන ලද අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 35ක් පැකට් 52ක ඇසුරුම්කර මොවුන් විසින් සඟවාගෙන සිටිය දී සොයාගෙන තිබෙනවා.

ඉන් කොටසක් සැකකාරියගේ යට ඇදුම්වල සඟවාගෙන සිටිය දී සොයාගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

මොවුන් විසින් එක් අයිස් මත්ද්‍රව්‍ය පැකට්ටුවක් රුපියල් 7000ක පමණ මුදලකට අලෙවි කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකාර අඹුසැමි යුවළ ගම්පොළ, කිරපන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 23 සහ 27 යන වයස්වල පසුවන දෙදෙනෙක්.

මොවුන් විසින් ‘ඩුබායි තාරු’ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගෙන් මත්ද්‍රව්‍ය මිලදී ගෙන ඊසි කෑෂ් ක්‍රමයට ප්‍රදේශය පුරා මේ ආකාරයට බෙදාහැර තිබෙනවා.

අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (26) දින ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19