මිලි මීටර් 100ට වැඩි තද වැසි – කාලගුණයෙන් දැනුම්දීමක්

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 24 තුළත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ, අනුව බස්නාහිර, සබරගමුව, සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

උතුරු මැද පළාතේත් මාතලේ, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර ඇති විය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් මධ්‍යම, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 40-50 ක පමණ තද සුළං ඇතිවිය හැකි අතර, තද සුළං මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති එක අතකින් පව් - එතුමා වොෂින්ටන් වෙලා..අවුරුද්ද කන එක මිනිසුන්ට හීනයක් වෙලා
09:21
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
08:43:46
Video thumbnail
පොත ගහන එකේ මහමොළකරු ආණ්ඩුවද ?හෙක්ටර් නැගිටලා ආණ්ඩුවට හොඳම එකෙන් කියලා දෙයි..
04:45
Video thumbnail
මහ දවලුත් හරි අපූරුවට විදුලි බල්බ දැල්වෙන පානදුර නගරය
00:29
Video thumbnail
මිනී##වා බේරාගන්න සජිත් ප්‍රේමදාස ගියේ - කණගාටුයි
05:57
Video thumbnail
මහ දවලුත් හරි අපූරුවට විදුලි බල්බ දැල්වෙන පානදුර නගරය..මිනිස්සුන්ට මේවා පේන්නේ නැද්ද ?
00:53
Video thumbnail
අනුරත් බාල බඩුවක් - සායම යවාගන්නවා
08:43
Video thumbnail
මාව නෙවෙයි Bus Stand එක හොඳයිද? "හොඳයි හොඳයි"..මධ්‍යම බස් නැවතුම්පොළ නිරීක්ෂණයට ගිය අගමැති හරිනි
02:30
Video thumbnail
ස#රාන්ට උඩින් කෙනෙක් ඉඳලා
01:45
Video thumbnail
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ
05:44