එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක සහ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ශෙබාස් ශරීෆ් (Shehbaz Sharif) අතර ද්වි-පාර්ශ්වික සාකච්ඡා නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේදී ඊයේ (24) පස්වරුවේ පැවැත්විණා.
මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාකිස්ථාන අගමැති ශෙබාස් ශරීෆ්ව ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබු අතර, ශ්‍රී ලංකා – පාකිස්ථාන දීර්ඝ කාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගනිමින් දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීම පිළිබඳ නායකයෝ ද්වි-පාර්ශ්වික සාකච්ඡාවල නිරත වී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
+1
+1





