සිය පියාගේ අභාවය සැළවීමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අද (19) උදෑසනය කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියා.
ඔහු අබුඩාබි නුවර සිට අද (19) උදෑසන 08.25 ට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 392 දරණ ගුවන් යානයෙන් දිවයිනට පැමිණි බවයි ගුවන්තොටුපොළ දසත නිව්ස් වාර්තාකරු සඳහන් කළේ.
දුනිත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු ද දිවයිනට පැමිණ තිබෙනවා.
ගුවන් තොටුපොළේ නිශ්කාශනය වූ වහා අවසන් වූ ,පසු දුනිත් කටුනායක ගුවන් තොටුපොළෙන් කඩිනමින් පිටව ගිය බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ඇෆ්ගනිස්ථානයට එරෙහි ආසියානු කුසලාන තරගවලියේ ඇෆ්ගනිස්ථානයට එරෙහිව ඊයේ පැවති තරගය ක්‍රීඩා කරන අතර තුර ඔහුගේ පියා හෘදයාබධයක් වැළඳී අවාසනාවන්ත ලෙස මියගොස් තිබුණා.




















