දරුවන් නොමැති නිසා මාමණ්ඩිය, ලේලිව අවසන් ගමන් යවයි

ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ දීග් දිස්ත්‍රික්කයේ විවාහක කාන්තාවක් ඇයගේ සැමියාගේ පියා විසින් ඝාතනය කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අදාළ කාන්තාව දරුවන් බිහි නොකරන බවට චෝදනා කරමින් සැමියාගේ පියා කලක සිට ඇය සමඟ විරසකව සිට ඇති අතර පසුගිය දා සැකකරු විසින් ඇයව ඝාතනය කර ඇති බවයි ප්‍රාන්ත පොලිසිය පවසන්නේ.

අදාළ ඝාතනයට පසු ඇයගේ ජීවිතය අහිමි වීම අහම්බයෙන් සිදු වූ බවට ඔප්පු කිරීම සඳහා සැමියාගේ පවුලේ සාමාජිකයන් උත්සාහ දරා තිබෙනවා.

නිවසේ ගින්නක් ඇතිකර එම ගින්නට හසුවී එම කාන්තාව ජිවිතක්ෂයට පත් වූ බව හැඟවීමට පවුලේ සාමාජිකයන් කටයුතු කර ඇති බවයි පොලිසිය පවසනවා.

කෙසේ වෙතත් අදාළ මරණය සම්බන්ධයෙන් ගම්වාසීන්ට ඇති වූ සැකය මත ඔවුන් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වෙතට පැමිණිලි කර තිබෙන බවත් සිද්ධිය දැනගත් පොලිසිය ඒ අවස්ථාවේම අදාළ නිවැසියන්ට එම මළ සිරුර ආදාහනය නොකරන ලෙස දුරකතනයෙන් දැනුම් දී තිබෙනවා.

නමුත් නිවස වෙත පොලිසිය ලඟා වන මොහොතේදීත් මළ සිරුර ආදාහනාගාරයක් වෙතට රැගෙන ගොස් ඇති අතර පොලිසිය විසින් ආදාහන කටයුතු නතර කර මළ සිරුර පොලිස් භාරයට ගෙන ඇති බවයි පැවසෙන්නේ.

මෙලෙස ඝාතනය වී ඇත්තේ සර්ලා නම් 2005 වසරේදී විවාහ වූ කාන්තාවක් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
11
+1
3
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
00:00
Video thumbnail
ඉර කැපුවට මටත් දඩ කොල දුන්නා ඇයි මෙයා විතරක් යවන්නේ? දඩ කොලයක් නිසා උණුසුම් තත්ත්වයක්
03:46
Video thumbnail
නීති විරෝධීව කළ මහා පරිමාණ සැමන් ජාවාරමක් වටලයි - සියල්ල විනාශ කළ අයුරු
02:56
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.26
08:05:07
Video thumbnail
මුජිබුර් ආණ්ඩුවට හොඳම එකෙන් පාඩම් කියලා දෙයි - තොරතුරු වසන් කරපු අය ආණ්ඩුවේ Best Friends
09:18
Video thumbnail
භෞතික චිකිත්සකවරිය ඝා#නයේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරයි - දරුවත් අරගෙන බස් එකට නගින හැටි
01:16
Video thumbnail
සරත් ෆොන්සේකාගේ නිල නිවසේ මෙහෙයුම් මධ්‍යස්ථානයක් විවෘත කළා - වටගල ගැම්මට කිව්ව කතාව
03:59
Video thumbnail
ලබන 30 සිට ග්‍රාම සේවා නිලධාරීන් දිවයින පුරා ලෙඩ නිවාඩු වාර්තා කරනවා - රජය එක්ක අපිට කිසිම තරහක් නෑ
05:48
Video thumbnail
පාරත් බදු අරගෙන යන සැප වාහන - මූන්ට ලයිසන් දීපු උන්ට ග#න්න ඕනි - පාර මැද මුන් යනවා
02:49
Video thumbnail
අජිත්ට නහුතෙටම තදවෙයි..ජනපතිට සැර සත්තමක් - ජනපතිතුමා මේ මොන නීතියක්ද ?
05:34