පුතාගේ උපන්දිනයට මියගිය පියාගෙන් තෑගි

ඉන්දියාවේ නව දිල්ලියේ කැන්ටන්මන්ට් මෙට්‍රෝ දුම්රිය ස්ථානය අසල ඊයේ (15) සිදු වූ රිය අනතුරකින් නව්ජොත් සිං නම් පුද්ගලයෙක්ට දිවි අහිමි වී තිබුණා.

එලෙස ඔහු ජීවිතක්ෂයට පත් වීමෙන් දිනකට පසු එනම් අද (16) දිනයේ ඔහුගේ පුතු වන නව්නූර් සිංගේ 22 වන උපන්දිනය යෙදී ඇති බවයි වාර්තාවන්නේ.

නව්නූර් සිංගේ උපන්දිනය වෙනුවෙන් ජිවිතක්ෂයට පත් වීමට පෙර පියා විසින් ඔහුව පුදුම කිරීම අරමුණ ඇතිව ඔහු වෙනුවෙන් ඇණවුම් කර තිබූ තෑගි කිහිපයක් නව්නූර් වෙත අද උදෑසන ලැබී ඇති බවට විදෙස් මාධ්‍ය පවසනවා.

ආහාර පිසීමේ කටයුතු සඳහා මෑතක සිට උනන්දුවක් දැක්වීම නිසා Air fryer වර්ගයේ උඳුනක් සහ කමිසයක් මෙලෙස උපන්දින තෑගි ලෙස නව්නූර් වෙත ලැබී ඇති බවයි පැවසෙන්නේ.

මියගිය පියාගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිත දිනයේ උදැසන කාලයේදීම මෙලෙස පියා විසින් ඔහු වෙනුවෙන් ඇණවුම් කළ උපන්දින තෑගී ලැබීම නිසා නව්නූර් සිං මහත් සංවේදීත්වයට පත්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
15
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?