ගුරුවරුන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළේ උපවාසයක (වීඩියෝ)

ජාතික පාසැල්වල ඉගැන්වීම් කටයුතු සිදුකරන ගුරුවරුන් පිරිසක් අද (15) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණ විරෝධතාවක් පවත්වනු ලැබුවා.

වසර තුනක ස්ථීර සේවා කාලය අවසන් කළ ගුරුවරුන්ට තම දරුවන් ඔවුන් ඉගැන්වීම් සිදුකරන පාසැල්වලට ඇතුළත් කරගැනීම ඇති අවස්ථාව රජය විසින් අහිමි කළ බව කියමින් ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වුණා.

මෙහිදී එහි රැදී සිටි ගුරුවරුන් 10 දෙනෙකුට අධ්‍යාපන බලධාරීන් සමඟ සාකච්ඡාවකට අවස්ථාව හිමිව තිබුණා.

කෙසේ වෙතත් එම සාකච්ඡාව අසාර්ථකවීමත් සමඟ ගුරුවරුන් අධ්‍යපන අමාත්‍යාංශය තුළ බිම වාඩි වී මේ වනවිට උපවාසයක නිරත වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
4
+1
17
+1
1
+1
3
+1
1
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?