බඩඉරිඟු ගොවීන් ලියාපදිංචිය ඇරඹේ

2025/26 මහ කන්නයේ බඩඉරිඟු ගොවීන් ලියාපදිංචි කිරීමේ වැඩසටහන මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

බඩ ඉරිඟු ගොවීන් ලියාපදිංචි කිරීමේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ අදාළ වගා කන්නයන්හි බඩඉරිඟු වගාවන්ගේ තත්ත්වය පිළිබඳ නිවැරදි දත්ත එක්රැස් කිරීම බවයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

එ, අනුව www.agrarian.lk හෝ www.agrariandept.lk යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් අදාළ ලියාපදිංචිවීමට අවස්ථාව පවතිනවා.

මෙම ලියාපදිංචි කිරීමේ දී යම් තාක්ෂණික සහායක් අවශ්‍යවන ගොවීන් සඳහා 0113 430758, 0113 474282, 0113 452990, හෝ 0113 430759 යන දුරකථන අංක ඔස්සේ සම්බන්ධ වී ඊට අවශ්‍ය සහාය ලබාගත හැකියි.

ලියාපදිංචිය වෙනුවෙන් සම්පූර්ණ කළ යුතු පෝරමය මෙතැනින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !