අද (13) උදෑසන රුසියාවේ, කම්චැට්කා වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපක 7.4 ක භූමිකම්පාවක් සිදු වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසනවා.
පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය (PTWC) පවසන්නේ, එම භූමිකම්පාව සුනාමියක් ඇති වීමේ අවදානම පහව ගොස් ඇති බවයි.
එම ආයතනය මුලින් අනතුරු ඇඟවූයේ අසල ඇති රුසියානු වෙරළ තීරයේ මීටරයක් (අඩි 3.3) දක්වා “අනතුරුදායක” රළ ඇති විවිය හැකි බවටයි.
රුසියානු නගරයක් වන පෙට්‍රොපව්ලොව්ස්ක්-කම්චැට්ස්කි සිට කිලෝමීටර් 111 ක් (සැතපුම් 69) පමණ දුරින් මෙම භුමි කම්පාව සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
7
+1
+1
3





