හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමට එරෙහි පෙත්සම්වලට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට දැනුම්දෙයි

හිටපු ජනාධිපතිවරුන්ට හිමි වරප්‍රසාද අහෝසි කිරීම සඳහා කෙටුම්පත් කර ඇති 1986 අංක 4 දරණ ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීමේ කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ගොනුකළ පෙත්සම්වලට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව කතානායකවරයා විසින් අද (09) දිනයේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඒ, අනුව ජනාධිපතිවරුන්ගේ හිමිකම් (අවලංගු කිරීමේ) පනත් කෙටුම්පතේ කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු විධිවිධානයකට අනනුකූල නොවන බවත්, පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් එය බලාත්මක කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බවයි කතානායකවරයා නිවේදනය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
54
+1
1
+1
32
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?