බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා.
භික්ෂුණී ශාසනය ආරම්භ වන්නේ බිනර පුන් පොහෝ දිනකයි.
කාන්තාවන්ට පැවිද්ද ලබාදෙමින් මහා ප්‍රජාපති ගෝතමී දේවිය ඇතුළු කාන්තාවන් 500 දෙනෙකු බුදු සසුනට එක්වීම මෙම පොහොය දිනයේ සිදුවූ බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.
තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන්, බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතූන් වහන්සේලා තැන්පත් කර ගිරිහඬු සෑය ඉදි කිරීමත්, බුදුරජාණන් වහන්සේගේ ලලාඨ ධාතු තැන්පත් කර ඇති සේරුවාවිල මහා සෑයේ ඉදිකිරීම ද බිනර පොහෝ දිනයේදී සිදුව තිබෙනවා.
අදට යෙදී තිබෙන බිනර පොහෝ දිනය නිමිත්තෙන් දිවයින පුරා පිහිටි වෙහෙර විහාරස්ථානවල ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා.
මේ අතර දසත TV, දසත නිවුස් සවිධානය කරන ‘දසත බෝපත’ පොහෝ දින වැඩටහන් මාලාව මෙවර පැවැත්වෙන්නේ ඓතිහාසික දාගොන්න ගොඩැල්ල ශ්‍රී දේවානන්දාරාම පුරණ විහාරයෙදීයි.





