ජනාධිපති අනුර කුමාර දිසානායක දෙවන දිනටත් අද (02) දිනයේද උතුරු පළාතේ සංවර්ධන ව්‍යාපෘති රැසක වැඩ ආරම්භ කිරීම ඇතුළු වැඩසටහන් කිහිපයකට එක් වීමට නියමිතව තිබෙනවා.
ලෝක පොල් දින සැමරුමට සමගාමීව “රටම සරු කරයි නිරතුරු – කප්තුරු සවිය” උතුරේ පොල් ත්‍රිකෝණය දියත් කිරීමේ සමාරම්භක අවස්ථාව අද (02) පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පුදුකුඩුඉරිප්පු නගරයේදී පැවැත්වෙනවා.
2025 වර්ෂයේ උතුරු පළාතේ අක්කර 16,000ක පොල් වගා කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ආරම්භ කෙරෙන අතර, 2027 වර්ෂය වනවිට එම ප්‍රමාණය අක්කර 50, 000ක් දක්වා ඉහළ නැංවීමට නියමිතව තිබෙනවා.
උතුරේ පළමු බීජ පොල් නිෂ්පාදන ඒකකය, පලෙයි නගරයේ ආරම්භ කිරීමද මේ හා සමගාමීව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙනවා.
පුදුකුඩුඉරිප්පු මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපිට ඇති ප්‍රදේශයේ පොල් සංවර්ධන අධිකාරිය මගින් පවත්වන පොල් ආශ්‍රිත ප්‍රදර්ශනය ද ජනාධිපතිවරයා අතින් විවෘත කිරීමට නියමිතයි.
මේ අතර මුලතිව් දිස්ත්‍රික්කයේ වට්ටුවාකල් පාලමේ ඉදිකිරීම් ආරම්භ කිරීම ද අද (02) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙනවා.
පරන්තන් – කරච්චි – මුලතිව් මාර්ගයේ නන්දිකඩාල් කලපුව ආශ්‍රිතව පිහිටා ඇති මෙම පාලම මතින් දිනකට වාහන 3,000 කට වඩා ගමන් කරන අතර දීර්ඝ කාලයක් තිස්සේ පාලම අලුත්වැඩියා නොකිරීම හේතුවෙන් මේ වන විට දැඩි අනාරක්ෂිත තත්ත්වයක පවතිනවා.
ඒ, අනුව මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ එය මංතීරු දෙකකින් යුත් නව පාලමක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙන අතර, රුපියල් බිලියන 1.4ක ජනතා බදු මුදල් යොදා ගනිමින් ව්‍යාපෘතිය ක්‍රියාත්මකෙරෙනවා.





