සියලුම රාජ්‍ය ආයතනවල ගොඩගැසී ඇති අනවශ්‍ය ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා වන විශේෂ වැඩපිළිවෙල අද (01) දිනයේ සිට ආරම්භ වනවා.
අදින් ඇරඹෙන මෙම වැඩපිළිවෙල දින 04ක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, එය නම්කර ඇත්තේ ‘සෙයිරි සතිය’ යනුවෙන්.
රාජ්‍ය නිලධාරීන්ට තම රාජකාරී කටයුතු නිසි පරිදි නිදහස්ව සිදුකිරීමට සුදුසු පිරිසිදු සහ සෞඛ්‍ය ආරක්ෂිත වටපිටාවක් නිර්මාණය කිරීම මෙම වැඩපිළිවෙලේ ප්‍රධාන අරමුණ වී තිබෙනවා.
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව මෙය ක්‍රියාත්මක වන අතර, අවශ්‍ය දෑ සහ අනවශ්‍ය දෑ හඳුනාගැනීම හා අනවශ්‍ය දේ බැහැර කිරීම මෙහිදි සිදුකෙරෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
+1
1
+1
+1
1
+1
1
+1
1





