එයාර් ඉන්දියා ගුවන් සමාගමට අයත් යානයක් නවදිල්ලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත අද (31) උදෑසන හදිසියේ ගොඩබස්වා තිබෙනවා.
යානයේ එන්ජිමක ගිනි ගැනීමක් සම්බන්ධයෙන් එහි නියමුවන්ට ලැබුණු සංඥාවකින් පසු මෙම හදිසි ගොඩබෑම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
නවදිල්ලියේ සිය ඉන්දෝර් බලා ගමන් අරඹා තිබූ මෙම එයාර් ඉන්දියා ගුවන් යානය ගුවන් ගත වී මිනිත්තු 30 කට පමණ පසු යානයේ නියමුවන්ට එන්ජිමක ගිනි ගැනීමක් සිදුව ඇති බවට සංඥාවක් ලැබී තිබෙනවා.
ඒ, අනුව වහාම ක්‍රියාත්මක වී නියමුවන් යානය ආපසු නවදිල්ලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමටයි කටයුතු කර ඇත්තේ.
ගුවන් යානය හදිසි ගොඩබෑමක් සිදුකරන අතර වාරයේ එහි පුද්ගලයින් 90කට වැඩි පිරිසක් සිට ඇති බවයි වාර්තා වුණේ.
සම්මත ක්‍රියා පටිපාටිය අනුගමනය කරමින්, නියමු කුටියේ කාර්ය මණ්ඩලය එන්ජිම වසා දැමීමට තෝරාගෙන දිල්ලියට ආපසු ගොස් ඇති අතර එහිදී ගුවන් යානය ආරක්ෂිතව ගොඩබැස්සවූ බව වාර්තා වනවා.
සිද්ධිය පිළිබඳව ගුවන් ආරක්ෂණ නියාමක සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී ඇති බවයි එයාර් ඉන්දියා ගුවන් සේවය සඳහන් කළේ.





