චීන බුද්ධි අංශ වෙත අමෙරිකානු හමුදාව සතු සංවේදී තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ජර්මානු නඩු පවරන්නන් ඇමරිකානු ජාතිකයෙකුට එරෙහිව චෝදනා ගොනු කර තිබෙනවා.
ඒ, සැකකරු ෆ්‍රැන්ක්ෆර්ට් හිදී අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිට වසරකට ආසන්න කාලයකට පසුවයි.
ඇමරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු කොන්ත්‍රාත්කරුවෙකු වන මාටින් ඩී නමැති සැකකරුට, එරෙහිව ගොනු කර ඇති අධිචෝදනාවට අනුව, ඔහු 2017 සිට 2023 දක්වා සිවිල් ආරක්ෂක කොන්ත්‍රාත්කරුවෙකු ලෙස සේවය කර ඇති අතර, 2020 සිට ජර්මනියේ එක්සත් ජනපද හමුදා කඳවුරක ස්ථානගත කර තිබෙනවා.
නඩු පවරන්නන් පවසන පරිදි 2024 දී ඔහු කිහිප වතාවක්ම චීන රජයේ නිලධාරීන් වෙත පැමිණ එක්සත් ජනපද හමුදා මෙහෙයුම් පිළිබඳ රහසිගත තොරතුරු භාරදීමට ඉදිරිපත් වී තිබෙනවා.
ජර්මානු ෆෙඩරල් අධිකරණය විසින් නිකුත් කරන ලද අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවකට අනුව ජර්මානු බලධාරීන් විසින් සැකකරු 2024 නොවැම්බර් මාසයේ දී ෆ්‍රැන්ක්ෆර්ට් ගුවන් තොටුපළේ දී රඳවා ගනු ලැබුවා.





