කාය වර්ධන ශූරයින් ජයග්‍රහණ සමඟින් මව්බිමට

ලෝකයේ රටවල් 30 ක කායවර්ධන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 250 කගේ සහභාගීත්වයෙන් මිස්ටර් යුනිවර්ස් ( Mr: Universe ) කායවර්ධන ශූරතා තරගාවලිය පසු ගිය 23 හා 24 යන දින දෙකේදී තායිලන්තයේදී පැවැත්වුණා.

ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 08 දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගී වූ අතර එම කණ්ඩායමෙන් 07 දෙනෙක්ම පදක්කම් දිනා ගනිමින් සමස්ථ තරගාවලියේ ජයග්‍රහණය ද හිමි කර ගත්තා.

දිනා ගත සමස්ත පදක්කම් ගණන 14ක් වූ අතර රන් පදක්කම් 03 ක් , රිදී පදක්කම් 05 ක් සහ ලෝකඩ පදක්කම් 06 ක් ඒ අතර වුණා

ජයග්‍රාහී කණ්ඩායම අද (27) අලුයම කටුනායක ගුවන්තොටුපළෙන් ම්මවුබිමට පැමිණියා.

පොලිස් විශේෂ කාර්යය බළකායේ සැරයන් කේ.ඩී.මායාදුන්න ක්‍රීඩකයා රන් පදක්කම් 02 ක් දිනා ගනිමින් ලෝකයේ ඉහළම කායවර්ධන තරගාවලිය වන ඇමෙරිකාවේ මිස්ටර් ඔලිම්පියා ( Mr. Olimpia ) තරගාවලිය සදහා සහභාගී වීමට අවශ්‍ය සුදුසුකම් සහිත අයි.එෆ්.බී.බී.ප්‍රෝ කාඩ්පත ( I.F.B.B.Pro Card ) දිනා ගැනීමට සමත් වුණා .

ශ්‍රී ලංකා කායවර්ධන සහ යෝග්‍යතා සම්මේලනයේ නිලධාරීන් මෙන්ම මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් , නෑදෑ හිතවතුන් මෙන්ම පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිසක් ද ජයග්‍රාහී කණ්ඩායම පිළිගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත්, සිංදුවලින් කළුතර න.සභාවේ දී විපක්ෂේ මන්ත්‍රී වටේටම හොඳවැයින් අමතයි
03:43
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."කළුගගේ පීනුවා වගේ මුහුදේ පීනන්න බෑ.."
11:13
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13


?