මුලතිව් – මුත්තයන්කට්ටු යුද හමුදා කඳවුරකට ඇතුළුවීමෙන් අනතුරුව මුත්තියන්කට්ටු වැවේ ගිලී මියගිය බව කියන තරුණයාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හමුදා සෙබළුන් සිව්දෙනා ලබන 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
අදාළ හමුදා සෙබළුන් සිව්දෙනා ඊයේ (19) මුලතිව් වැඩබලන මහෙස්ත්රාත් එස්.එච්. මාරූස් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළා.
සැකකාර සෙබළුන් සිව්දෙනා මෙහිදී හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ අතර, ඉන් දෙදෙනෙකු සාක්ෂිකරුවන් විසින් හදුනා ගැනුණු බවයි වාර්තා වුණේ.
මේ අතර සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුවන අතර, සාක්ෂිකරුවන් කිහිපදෙනකුගෙන් ප්රකාශ සටහන්කරගෙන ඇතැයි ද ඔඩ්ඩුසුඩාන් පොලිසිය අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.
මුත්තයන්කට්ටු වැවේ ගිලී මියගොස් ඇත්තේ මුලතිව් ජීවනගර් පදිංචි එදිරාමනසිංහම් කපිල්රාජ් නැමති 32 හැවිරිදි තරුණයෙක්.
මියගිය තරුණයාගේ පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටිනවා.




