කොළඹ දිස්ත්‍රික්කයේ වසර 40කට වඩා පැරණි රජයේ මහල් නිවාස ප්‍රතිසංවර්ධන කිරීමට සැළසුම්

කොළඹ දිස්ත්‍රික්කයේ වසර 40 කට වඩා පැරණි රජයේ මහල් නිවාස සංකීර්ණ ලබන වසරේ දී ප්‍රතිසංවර්ධනය කිරීමට සැළසුම් කර ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පවසනවා.

පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවේ පෙනී සිටිමින් එම නිලධාරීන් මේ බව සඳහන් කළා.

කොළඹ දිස්ත්‍රික්කය තුළ වසර 40කට වඩා පැරණි මහල් නිවාස ව්‍යාපෘති 45ක් පවතින බවත්, ඒවායේ ආසන්න වශයෙන් නිවාස 10,000ක් පමණ පවතින බවත්, එම නිලධාරීන් කාරක සභාවට පැවසුවා.

ඒ, අනුව එම නිවාස සංකීර්ණවල සිදුකිරීමට නියමිත, ප්‍රතිසංවර්ධන ව්‍යාපෘති සැලසුම් ක්‍රියාත්මක කරන ආකාරය සහ එහි වර්තමාන පදිංචිකරුවන් සම්බන්ධයෙන් ගනු ලබන තීරණ ද ඇතුළුව වාර්තාවක් ,මාසයක් තුළ කාරක සභාවට යොමු කරන ලෙස සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

මෙම සිදු කිරීමට නියමිත සංවර්ධන කටයුතු වලට අදාළ නිවාස සංකීර්ණවල ගොඩනැගිලිවල වර්තමාන තත්ත්වය පිළිබඳව තාක්ෂණික හා තක්සේරු වාර්තා ලබාගන්නා බවත්, රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්ව යටතේ මෙම ප්‍රති සංවර්ධන ව්‍යාපෘතිය සිදුකිරීමට අපේක්ෂා කරන බවත් නිලධාරීන් කාරක සභාවට දැන්වුවා

ඒ අනුව මේ පිළිබඳව ද සියලු තොරතුරු ඇතුලත් පූර්ණ වර්තාවක් කාරක සභාවට යොමු කරන ලෙස සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

එමෙන්ම 2015 සහ 2019 වසරවලදී ආරම්භ කර විවිධ හේතූන් මත අතහැර දැමූ නිවාස 45,000ක් පවතින බවත්, මේවා වසර තුනක් තුළ වැඩ නිම කිරීම සඳහා ද සැළැස්මක් සකස් කර ඇති බව ද ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළා.

මෙහිදී සහාධිපත්‍ය නිවාස සංවර්ධන ව්‍යාපෘතිවල ආයෝජන වැඩි කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද සාකච්ඡා කෙරුණ අතර, මෙම අංශයේ ආයෝජන සිදුකිරීමේ දී ඇතිවන ගැටලු පිළිබඳව නිලධාරීන් කාරක සභාවේ අවධානය යොමු කළා.

ඒ, අනුව මෙම ගැටලු විසඳීමට සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලපත්‍ර කඩිනමින් ලබා ගැනීමට, එක් එක් අමාත්‍යාංශ අතර, සම්බන්ධීකරණයක් ඇති කර ගැනීම උදෙසා, නීත්‍යානුකූලව ක්‍රියාත්මක කළ හැකි ක්‍රමයක් සඳහා යෝජනාවක් ඉදිරිපත්කරන ලෙස කාරක සභා සභාපතිවරයා, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට උපදෙස් ලබා දුන්නා.

මේ අතර, නාගරික සංවර්ධන අධිකාරිය විසින් බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කරන ලද ‘One Stop Shop’ ව්‍යාපෘතිය රටේ අනෙකුත් ප්‍රදේශවලටද ව්‍යාප්ත කිරීමේ හැකියාව සොයා බලන ලෙස කාරක සභාව නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දෙනු ලබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19