ක්‍රීඩා සංගම්වල තනතුරු දැරිය හැකි කාලය සීමා කෙරෙන නියෝගවලට අනුමැතිය

මීළග පාර්ලි‍මේන්තු රැස්වීම් සතියේ විවාදයට ගැනීමට නියමිත ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 25 දරණ ක්‍රීඩා පනත යටතේ නිකුත් කරන ලද, අංක 2437/24 දරණ අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගවලට තරුණ කටයුතු සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමිව තිබෙනවා.

ඒ, එම කාරක සභාව 2025.08.07 වනදා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදීයි.

තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න යන අය ද මෙම රැස්වීමට සහභාගී වුණා.

මීට පෙර ක්‍රීඩා පනත යටතේ සකස් කර තිබූ රෙගුලාසිවල පැවති අඩුලුහුඬුකම් සහ ගැටලුකාරී තත්ත්වයන් මගහරවා ගනිමින් නව නියෝග සකස් කිරීම සිදුකළ බවත් පොදුවේ සියලු ක්‍රීඩා සංගම් සහ ක්‍රීඩාවේ දියුණුව අරමුණු කරගනිමින් එය සිදුකළ බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

ඒ, අනුව ක්‍රීඩා සම්මේලනයක සභාපති, ලේකම් සහ භාණ්ඩාගාරික තනතුරු දැරිය හැකි උපරිම කාලය වසර 08 කට සීමා කිරීම මෙමගින් සිදුවන බව ඔහු පැවසුවා.

එසේම වසර දෙකකට වරක් නිලවරණ පැවැත්විය යුතු බවටත් ප්‍රතිපාදන ඇතුළත් කොට ඇති අතර ජාත්‍යන්තර සම්මේලනවල සම්මතයන් සැලකිල්ලට ගනිමින් මෙම කාලය තීරණය කර තිබෙනවා.

ක්‍රීඩා සම්මේලනවල දීර්ඝ කාලීනව තනතුරු දරමින් සිදුකරන අකටයුතුකම් පිළිබඳව මීට පෙර විවිධාකාර චෝදනා එල්ලවූ අතර, එම තත්ත්වය නැවැත්වීමට මෙය හේතුවන බවත් අමාත්‍යවරයා පැවසුවා.

තවද කාන්තාවන් සම්බන්ධවන ක්‍රීඩා සඳහා අවම වශයෙන් කාන්තාවන් දෙදෙනෙකු සඳහාවත් එකී සම්මේලනවල අවස්ථාව ලබාදීමටත් මෙම නියෝග හරහා විධිවිධාන සලසා තිබෙනවා.

නව ක්‍රීඩා සංස්කෘතියක් මේ හරහා ඇතිවන බවත් ක්‍රීඩාවට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ගේ සාධනීය ප්‍රතිචාර ‍මෙම නව නියෝග සම්බන්ධයෙන් හිමිවූ බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ කාරක සභාවේ සභාපතිවරයා මෙහිදී පැවසුවා.

තරුණ කටයුතු සහ ක්‍රීඩා කටයුතුවලට අදාළව පවතින ගැටලු මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් කාරක සභාවේ අවධානයට යොමු කළා.

ඒවාට අවශ්‍ය විසඳුම් ලබාදීමට අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදීම ඒ අනුව සිදුවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂ දඩයමක් මේ පටන්අරන් තියෙන්නේ
06:39
Video thumbnail
කථානායකට වැඩ වරදියි ? පැටිකිරිය දයාසිරි හෙළිකරයි
00:46
Video thumbnail
රාජපක්ෂලා කරපු වැරදිවලට අද ආණ්ඩුවේ ඉන්න අයත් කොටස්කාරයෝ
01:21
Video thumbnail
අවු:7ක් මට මේක තහනම් කලාපයක් වෙලා තිබ්බේ..හිටපු විගණකාධිපති සැරටම කිව්ව දේ
09:09
Video thumbnail
කාදිනල් හිමිගෙන් සැර කතාවක්..සල්ලිකාරයොන්ට වෙනම නීතියක් බෑ..මුතුරාජවෙලට අත තියන්න හිතන්නවත් එපා
08:51
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගුරුවරුන්ගේ විරෝධතාවය අවසන්
02:09
Video thumbnail
නව විගණකාධිපතිනි කට්ටියගෙ අත්පොළසන් මැද කිව්ව සුපිරි කතාව.. අපි හැමෝම සතුටින් ජීවත් වෙමු
04:53
Video thumbnail
කල්පිටියේ රු:25000 ගෙවනවට විරුද්ධව පැමිණිල්ලක්..මිලියන ගාණක මුදල් අවභාවිතා වෙලා
04:32
Video thumbnail
සිංහල මිනිස්සු වෙනුවෙන් පෙනීසිටින්න නාමල්ට අයිතියක් නෑ
10:35
Video thumbnail
කථානායකට වැඩ වරදියි ? පැටිකිරිය දයාසිරි හෙළිකරයි..මට නඩු දාන්න කියන්න..දාන්න කියන්න
06:22


?