හිටපු රාජ්‍ය ඇමති ලොහාන් ගැන පැතිර යන කතාවල ඇත්ත නැත්ත මෙන්න

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සම්බන්ධයෙන් පැතිර යන කටකතා අසත්‍ය බව විශ්වාසනීය ආරංචි මාර්ග තහවුරු කර සිටිනවා.

ඔහු කලක් තිස්සේ පීඩා විඳි රෝගී තත්ත්වයකට අදාළව මීට පෙර සැලසුම් කළ සැත්කමක් සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙනවා.

වැඩිදුරටත් ආරංචි මාර්ග තහවුරු කර සිටින්නේ ඔහු වෛද්‍ය අධීක්ෂණය යටතේ මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

එසේම හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනාධිපතිවරු කිහිපදෙනෙකු ඊයේ (08) දිනයේ එම පෞද්ගලික රෝහල වෙත පැමිණ තිබෙනවා.

එසේම තවත් ඔහුගේ දේශපාලන මිතුරන් කිහිපදෙනෙකු ද රෝහල වෙත පැමිණ ඇති අතර, මේ වනවිට ඔහු සම්බන්ධයෙන් විවිධ කටකතා පැතිර යමින් පවතිනවා.

එම සියලු කටකතා අසත්‍ය බවයි විශ්වාසනීය ආරංචි මාර්ග ඔස්සේ අපවෙත වැඩිදුරටත් තහවුරු කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
2
+1
51
+1
2
+1
7
+1
8
+1
7
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?