සාදයක් අතර තරුණයෙක්ව අවසන් ගමන් යවලා

ත්‍රිකුණාමලය පොලිස් වසමේ උතුරු වෙරළ මාර්ගයේ දී පිරිසක් විසින් සිදුකළ පහරදීමකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ත්‍රිකුණාමලය, ක්‍රිෂ්ණා මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි වයස් අවුරුදු 32ක පුද්ගලයෙක්.

සාදයක් අතර තුර ඇති වූ බහිබස්වීමක් දුරදිග යාමෙන් පසු අද (03) අලුයම් කාලයේ සිදුකළ පහරදීමකින් මෙම ඝාතනය සිදුව ඇති බවයි දැනට සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

මෘත ශරීරය ත්‍රිකුණාමලය රෝහලේ තැන්පත්කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය පොලිසිය විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?