Update – දෙහිඕවිට බස් අනතුරින් 42ක් රෝහලට (වීඩියෝ)

කර්මාන්තශාලා සේවකයින් පිරිසක් රැගත් බස් රථයක් කෑගල්ල – අවිස්සාවේල්ල මාර්ගයේ දෙහිඕවිට, තැඹිලියන ප්‍රදේශයේ දී බෑවුමකට පෙරලීයාමෙන් සිදු වූ අනතුරින් 42ක් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

ඉන් 38 දෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.

රෝහල් ගතව ප්‍රතිකාර ලබන අයගේ බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ.

බස් රථයේ රියදුරුට නින්දයාම හේතුවෙන් මෙම අනතුරු සිදුවන්නට ඇති බවයි පොලිසිය සැකපල කරන්නේ.

Update – Saturday, August 2, 2025, 10.20 AM

දෙහිඕවිට දී බස් රථයක් පෙරළී අනතුරක් – 35ක් රෝහලේ

කෑගල්ල – අවිස්සාවේල්ල මාර්ගයේ දෙහිඕවිට, තැඹිලියන ප්‍රදේශයේ බස් රථයක් පෙරළී අනතුරක් සිදුව තිබෙනවා.

අද (02) උදෑසන සිදුවූ මෙම අනතුරින් පුද්ගලයින් 35 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

දැරණියගල සිට අවිස්සාවේල්ල කර්මාන්තපුරය දක්වා සේවකයින් ප්‍රවාහනය කළ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලීයාමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

තුවාල ලැබූවන් අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි ‘දසත නිවුස්’ වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
15
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?