Update – දෙහිඕවිට බස් අනතුරින් 42ක් රෝහලට (වීඩියෝ)

කර්මාන්තශාලා සේවකයින් පිරිසක් රැගත් බස් රථයක් කෑගල්ල – අවිස්සාවේල්ල මාර්ගයේ දෙහිඕවිට, තැඹිලියන ප්‍රදේශයේ දී බෑවුමකට පෙරලීයාමෙන් සිදු වූ අනතුරින් 42ක් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

ඉන් 38 දෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.

රෝහල් ගතව ප්‍රතිකාර ලබන අයගේ බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ.

බස් රථයේ රියදුරුට නින්දයාම හේතුවෙන් මෙම අනතුරු සිදුවන්නට ඇති බවයි පොලිසිය සැකපල කරන්නේ.

Update – Saturday, August 2, 2025, 10.20 AM

දෙහිඕවිට දී බස් රථයක් පෙරළී අනතුරක් – 35ක් රෝහලේ

කෑගල්ල – අවිස්සාවේල්ල මාර්ගයේ දෙහිඕවිට, තැඹිලියන ප්‍රදේශයේ බස් රථයක් පෙරළී අනතුරක් සිදුව තිබෙනවා.

අද (02) උදෑසන සිදුවූ මෙම අනතුරින් පුද්ගලයින් 35 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

දැරණියගල සිට අවිස්සාවේල්ල කර්මාන්තපුරය දක්වා සේවකයින් ප්‍රවාහනය කළ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලීයාමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

තුවාල ලැබූවන් අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි ‘දසත නිවුස්’ වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03