පොලිසියේ කොරිඩෝවක් අසළ වැටී මියගිය පැමිණිලිකරුවා

මිරිහාන පොලිසියේ රථවාහන අංශයේ කොරිඩෝව අසලදී පුද්ගලයෙකු ඇදවැටී මියගොස් ඇති බව මිරිහාන පොලිසිය පවසනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ නුගේගොඩ මිරිහාන එක්වත්ත පාර ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙක්.

මිය ගිය පුද්ගලයා අනතුරක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකිරීමට පැමිණ අනෙක් පාර්ශවයට “ඔයා ඩ්‍රයිවර් කෙනෙක්ද?” යනුවෙන් කතාව ආරම්භ කිරීමත් සමඟම එක්වරම බිම ඇඳ වැටී ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා‌‌ගේ පුතා පොලිසියට පැමිණිල්ලක් කරමින් තම පියා ඇද වැටුණේ අනෙක් පාර්ශවයේ කෙනෙකු තල්ලු කිරීම හේතුවෙන් බවට පැමිණිලි කර ඇත.

මළ සිරුර කළුබෝවිල රෝහලේ තැන්පත් කර තිබුණු අතර PCR වාර්තාව අනුව ඔහු කොවිඩ් ආසාදිතයෙක් නොවන බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?