2025 ආසියානු කුසලානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී

2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන බව ආසියනු ක්‍රිකට් කවුන්ලසිලය මේ වනවිට නිවේදනය කර තිබෙනවා.

ඒ, අනුව මෙවර ආසියානු කුසලානය සැප්තැම්බර් 09 වන දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භවීමට නියමිතව තිබෙනවා.

මෙවර එම තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වීමට සැලසුම්කර ඇත්තේ සැප්තැම්බර් 28 වනදායි.

කෙසේ වෙතත් තරගාවලියේදී නිල තරග කාලසටහන තවමත් ප්‍රකාශයට පත්කර නැහැ.

මෙවර ආසියානු කුසලානය ක්‍රිකට් තරගාවලිය විස්සයි විස්ස ආකෘතිය යටතේ පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

මෙවර ආසියානු කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය සහ පාකිස්තානය සුදුසුකම් ලබා සිටිනවා.

තරගාවලියට එක්වන අනෙක් කණ්ඩායම තුනවන්නේ ආසියනු ක්‍රිකට් කවුන්ලසිල ප්‍රිමියර් කුසලානයේ ජයග්‍රාහකයින් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය, හොංකොං සහ ඕමාන කණ්ඩායමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?