නාමල්ව හෙට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි නියෝග

එයාර් බස් ගනුදෙනුවට අදාළ නඩුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හෙට (28) දිනයේ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරග මහතා නියෝග කර තිබෙනවා.

එතෙක් ඔහු බන්ධනාගාරයේ රඳවා තබන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා.