දෙහිවල වෙඩික්කරු STF වෙඩි පහරින් මරුට

දෙහිවල දුම්රිය ස්ථානය අසල දී පසුගිය 18 වනදා උදෑසන පුද්ගලයෙකු ඉලක්ක කර සිදුකළ වෙඩිතැබීමට පැමිණි වෙඩික්කරු අද (25) අලුයම විශේෂ කාර්ය බලකාය සමග ඇතිවූ වෙඩි හුවමාරුකින් මියගොස් තිබෙනවා.

අද (25) අලුයම 4:30ට පමණ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලදහ්රින් පිරිසක් කහතුඩුව, පහළගම, කැඳැල්ලඕවිට ප්‍රදේශයේ පාළු නිවසක් පරීක්ෂා කර ඇති අතර එහි සැඟව සිටි අදාළ සැකකරු විශේෂ කාර්ය බළකා නිලධාරීන් දෙසට වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ.

ඊට විශේෂ කාර්ය බළකා නිලධාරීන් ද ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති අතර එහිදී වෙඩි වැදී තුවාල ලැබූ සැකකරු මියගොස් තිබෙනවා.

වෙඩි හුවමාරුව අතර තුවාල ලැබූ විශේෂ කාර්ය බළකා නිලධාරියෙක් ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පසුගිය 18 වනදා පෙරවරුවේ දෙහිවල දුම්රියපොළ අසළදී සිදුවූ වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ශාන්ත කුමාර හෙවත් කොස් මල්ලිගේ පාර්ශවයෙන් සිදුකළ බවට මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වුණා.

එම වෙඩි තැබීමෙන් ‘බස් අසිත’ නැමැත්තා තුවාල ලැබූ අතර, ඔහු තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන බඩෝවිට අසංකගේ ළඟම හිතවතෙකු බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39