දෙහිවල දුම්රිය ස්ථානය අසල දී පසුගිය 18 වනදා උදෑසන පුද්ගලයෙකු ඉලක්ක කර සිදුකළ වෙඩිතැබීමට පැමිණි වෙඩික්කරු අද (25) අලුයම විශේෂ කාර්ය බලකාය සමග ඇතිවූ වෙඩි හුවමාරුකින් මියගොස් තිබෙනවා.
අද (25) අලුයම 4:30ට පමණ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලදහ්රින් පිරිසක් කහතුඩුව, පහළගම, කැඳැල්ලඕවිට ප්‍රදේශයේ පාළු නිවසක් පරීක්ෂා කර ඇති අතර එහි සැඟව සිටි අදාළ සැකකරු විශේෂ කාර්ය බළකා නිලධාරීන් දෙසට වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ.
ඊට විශේෂ කාර්ය බළකා නිලධාරීන් ද ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති අතර එහිදී වෙඩි වැදී තුවාල ලැබූ සැකකරු මියගොස් තිබෙනවා.
වෙඩි හුවමාරුව අතර තුවාල ලැබූ විශේෂ කාර්ය බළකා නිලධාරියෙක් ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පසුගිය 18 වනදා පෙරවරුවේ දෙහිවල දුම්රියපොළ අසළදී සිදුවූ වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ශාන්ත කුමාර හෙවත් කොස් මල්ලිගේ පාර්ශවයෙන් සිදුකළ බවට මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වුණා.
එම වෙඩි තැබීමෙන් ‘බස් අසිත’ නැමැත්තා තුවාල ලැබූ අතර, ඔහු තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන බඩෝවිට අසංකගේ ළඟම හිතවතෙකු බවයි වාර්තා වුණේ.





