ආණමඩුවේ ධම්මදස්සි අනුනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි අනුනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව අද (24) අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

අපවත් වී වදාළ අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි නාහිමියන්ගේ ශ්‍රී දේහය මේ වනවිට අස්ගිරි මහා විහාරයේ තැන්පත් කර තිබෙනවා.

උන් වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීමට ඊයේ (23) දිනයේදීත් විශාල පිරිසක් අස්ගිරි මහා විහාරය වෙත පැමිණියා.

අද (24) පස්වරු 1.00 පමණ වන තෙක් උන්වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීමට මහජනතාවට අවස්ථාව ලබා දී තිබෙනවා.

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මහනුවර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අනුනාහිමියන් පසුගිය 21 වනදා උදෑසන අපවත් වුණා.

අපවත්වන විට උන්වහන්සේ 67 වන වියේ පසුවුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ණය බරක් තිබ්බට ප්‍රශ්නයක් නෑ - ඇමෙරිකාවත් ලොකු ණය කාරයෙක්
02:25
Video thumbnail
යුධ දෙකකට උර දී කෘතිය ඇයි පාලකයෝ කියවන්න ඕනේ ?
06:36
Video thumbnail
තමන්ගේ වාසිය ගැන බලන්නේ නැතුව රට වෙනුවෙන් කැපවෙමු
08:26
Video thumbnail
අපි පළා යන්නේ නෑ, අපි මුහුණ දෙනවා - නීතිඥ සංගමයට ජනාධිපතිතුමා කිව්ව දේ..
14:54
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වූ බස් රථ දෙකක් එකිනෙක ගැටෙයි
00:51
Video thumbnail
කඩුවක් උස්සන් ඇවිත් බස් එක හරස් කරලා චණ්ඩි පාට් දාපු ජෝඩුව
01:03
Video thumbnail
දිලිත් තරුණයින්ට දීපු පොරොන්දුව - ආයේ රැවටීමට ඉඩ නෑ
07:35
Video thumbnail
තවත් පාතාල අපරාධකරුවෝ 73ක් මෙරටට ගේන්න ඉන්නවා
08:00
Video thumbnail
ස්ටේජ් එක උඩ Vibe වුණ දිලිත් දාපු ඩාන්ස් එක - මාර ෆන් එකක් ගන්නේ
01:33
Video thumbnail
මිනිස්සුන්ට ජීවත් වෙන්නම බැරිවුණා - අපි අභියෝගය භාරගෙන වැඩ කළා
10:18