තුර්කි අධ්‍යාපන අමාත්‍යවරයා නිල සංචාරයකට දිවයිනට

ශ්‍රී ලංකාව සහ තුර්කි ජනරජය අතර පැවැත්වෙන ආර්ථික සහ සහයෝගීතාවය සදහා වූ ඒකාබද්ධ කමිටුවේ 03 වන සැසිවාරයට සහභාගී වීම සදහා තුර්කි ජනරජයේ අධ්‍යාපන අමාත්‍ය යූසුෆ් ටෙකින් අද (24) අලුයම දිවයිනට පැමිණියා.

වෙළෙඳ අමාත්‍යාංශයේ වානිජ දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන මෙම සමුළුව අද (24) දින කොළඹ හිල්ටන් හෝටලයේ පැවැත්වීමට නියමිතයි

එහිදී දෙරට අතර වෙළෙඳ, ආයෝජන, සංචාරක, අධ්‍යාපන, තාක්ෂණික සහ තවත් ක්ෂේත්‍ර ගණනාවක සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීමට නියමිතව තිබෙනවා.

දෙදින නිල සංචාරයක් සඳහා පැමිණි තුර්කි අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ තවත් 08 දෙනෙකුගෙන් යුතු එරට ඉහළ පෙළේ ව්‍යාපාරික දූත පිරිසක් ද පැමිණ සිටියා.

මෙම පිරිස අද (24) දින අලුයම 05.05ට තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට තුර්කි ගුවන් සේවයේ ටී.කේ.- 730 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් පිළිගැනීම සදහා වෙළෙඳ, වානිජ ,ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන පිළිබද නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්.ජයවර්ධන මෙන්ම ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති සෙමි ලුට්ෆු ටර්ගුට් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

තුර්කි අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු පිරිස මෙම සමුළුවට සහභාගී වී ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරිය සහ ජනාධිපතිවරයා හමුවී ඔවුන් සමඟ ද සාකච්ඡා කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ නීතිය හිටපු ජනාධිපතිටත් එකයි, ගමේ ඉන්න සිරිපාලටත් එකයි
07:05
Video thumbnail
වාහන 10ක් එකිනෙක ගැටී අකුරණ දී බිහිසුණු අනතුරක් - කිහිපදෙනෙකුට ජීවිතය අහිමිවෙලා
01:50
Video thumbnail
විමල් වීරවංශ අද අධිකරණයට ආ හැටි
00:50
Video thumbnail
ආණ්ඩුව ආනන්තරීය පාපකර්ම සිදුකරනවා - හොඳටම බයවෙලා ඉන්නේ
07:48
Video thumbnail
ඥානසාර හිමිට නිදහස ඉල්ලන පාගමනට ජනතාවගෙත් සහයෝගයක් නෑ
02:10
Video thumbnail
අග්බෝව සොයාගෙන යුද හමුදා කණ්ඩායමක් ගේමට බහී
00:43
Video thumbnail
ඥානසාර හිමිට නිදහස ඉල්ලා කට්ටියම පන්දම් උස්සගෙන පාරට බැස්ස හැටි
01:19
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:11:57
Video thumbnail
මේ ආණ්ඩුව බෞද්ධ විරෝධී ගමනක් යන්නේ
02:02
Video thumbnail
කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
00:36