ගොඩ බැස්වීමකට සූදානමින් තිබූ එයාර් ඉන්දියා ගුවන් යානයක් අනතුරකට ලක්ව තිබෙනවා.
කොචි සිට පියාසර කරමින් තිබූ එයාර් ඉන්දියා ගුවන් යානයක් අද (21) උදෑසන මුම්බායි වෙත ගොඩබෑමේ දී ධාවන පථයෙන් ඉවතට පැනීමෙන් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් යානයේ එක් එන්ජිමක හානි සිදුවී ඇති බවයි ගුවන් තොටුපළ බලධාරීන් සඳහන් කළේ.
යානයේ සිටි සියලුම මගීන් සහ කාර්ය මණ්ඩලය ආරක්ෂිතව පසුවන බවයි වැඩිදුරටත් තොරතුරු වර්තා වන්නේ.
පවතින වැසි සහිත කාලගුණයත් සමඟ යානය මුම්බායි හි චත්‍රපති ශිවාජි මහරාජ් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ධාවන පථයට ගොඩබෑමට යාමේ දී ධාවන පථයේ ලිස්සා යානය ඉවතට පැනීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
9
+1
6
+1
2
+1
9
+1
1
+1
5





