ආධුනික නාවිකයින් 410ක් බූස්සේදී විසිර යයි

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 258 සහ 259 වැනි බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයින් තුන්සිය 368 සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් 42ක් ඇතුළු ආධුනික නාවිකයින් 410ක් සිය මූලික පුහුණුව සාර්ථකව අවසන් කර විසරයාම
බූස්ස, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී ඊයේ (18) සිදු කෙරුණා.

ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ආඥාපති හා අණදෙන නිලධාරී, කපිතාන් ලෝහිත ද සිල්වාගේ ආරාධනයෙන්, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා බටහිර නාවික විධානයේ සහ ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් චන්දිම සිල්වා මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීව සිටියා.

නිත්‍ය අංශය වෙත ආධුනික නාවිකයන් ලෙස 165 දෙනෙකු හා ආධුනික කාන්තා නාවිකයන් ලෙස 203 දෙනෙකු ද, ස්වේච්ඡා අංශය වෙත ආධුනික නාවිකයන් ලෙස 12 දෙනෙකු හා ආධුනික කාන්තා නාවිකයන් ලෙස 30 දෙනෙකු ද වශයෙන් ආධුනික නාවිකයන් 410 දෙනෙකු 258 සහ 259 වැනි ආධුනික බඳවා ගැනීම් යටතේ මූලික පුහුණුව සඳහා, නාවික හමුදාවේ ආධුනික නාවිකයන් පුහුණු කිරීමේ ප්‍රමුඛ පුහුණු ආයතනයක් වන, බූස්ස ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනය වෙත මෙලෙස අනුයුක්ත වුණා.

මෙහිදී විසිර යන ආධුනික නාවිකයන් ඇමතූ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා බටහිර නාවික විධානයේ සහ ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, විසිර යන ආධුනික නාවිකයන් වෙත ප්‍රථමයෙන් සිය සුභාශිංෂණ පිරිනැමීම සිදුකෙරුණා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, දූපත් රාජ්‍යයක් ලෙස මව්බිමේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් සුවිශේෂී වගකීමක් ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරී ඇති බවත්, ශ්‍රී ලංකාව සාමකාමී හා නිවහල් දේශයක් බවට පත්කිරීම සඳහා තාක්ෂණයෙන් හා වෘත්තීය නිපුණත්වයෙන් යුතු විජයග්‍රාහී නාවික හමුදාවක් ලෙස විශිෂ්ඨ දායකත්වයක් නාවික හමුදාව දක්වා ඇති බවත්, එවන් වූ නාවික හමුදාවක සාමාජිකයන් බවට පත්වන විසිර යන ආධුනික නාවිකයන් වෙත, සාමය අනාගත පරපුර වෙනුවෙන් රැකදීම සඳහා ඉදිරියට රාජකාරීන් හා වගකීම් පැවරෙනු ඇති බවත්, රටේ සංවර්ධන ක්‍රියාවලියේ කොටස් කරුවන් ලෙස ඒ සඳහා දායක වෙමින්, ජාතික ආර්ථිකයට දායකත්වය ලබා දීමෙන් තම වගකීම් මනාව වටහා ගත් කාර්යශූර විනයගරුක නාවිකයෙකු ලෙස මවුබිමට විශිෂ්ඨ සේවයක් ලබා දීමට විසිර යන ආධුනික නාවිකයන් අධිෂ්ඨාන කරගත යුතු බවයි පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46
Video thumbnail
මාධ්‍යයේ කටවල් වහන්න නම් ලෑස්ති වෙන්න එපා..මේ වගකීමෙන් ජනපතිට බැහැර වෙන්න බෑ
02:59
Video thumbnail
සාම පාගමන මදකට නතරවී භික්ෂූන් වහන්සේලා ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
01:09
Video thumbnail
ලැජ්ජයි විතරක් නෙවෙයි විලි ලැජ්ජයි වර්තමාන ආණ්ඩුවේ තත්ත්වය..මේවා ජනපතිගේ මුදල් නෙවෙයිනේ
06:00
Video thumbnail
වාද්දූව දුම්රිය ස්ථානය ආසන්නයේ සාගරිකා පීලි පනී - දුම්රිය ගමනා ගමනයට බාධා
01:19
Video thumbnail
ගමන් ගත් බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැටෙන අයුරු
00:32
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33