අන්තර්ජාල ජාවාරමක නිරත වූ ඉන්දියානුවන් 21ක් කිරුලපන දී අල්ලයි

සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ අන්තර්ජාලය ඔස්සේ සූදු ඔට්ටු ඇල්ලීමේ ජාවාරමක නිරත වී සිටි විදෙස් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කිරුලපන ප්‍රදේශයේ නිවෙසක රැඳී සිටිය දී අද (18) පස්වරුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දීය ජාතිකයන් 21 දෙනෙක්.

ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මෙම ඉන්දීය ජාතිකයින් පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී සිදුකළ සොයා බැලීමේ දී ඔවුගේ වීසා කාලය කල් ඉකුත්ව නීතිවිරෝධී ලෙස මෙරට තුළ රැඳී සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු ඉන්දීය ජාතිකයන් සියලු දෙනා වයස අවුරුදු 22 ත් 36 ත් අතර පසුවන්නන් බවයි වාර්තා වන්නේ.

මෙම පිරිස කඩිනමින් ඉන්දියාවට පිටුවහල් කිරීම සදහා වැලිසර පිහිටි රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා තැබීමට ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
6
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?