හෙද සේවයේ විශ්‍රාම යාම ගැන අභියාචනාධිකරණයේ අතුරු තහනම ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කරයි

රාජ්‍ය සේවයේ ශ්‍රේණි හතරක හෙද නිලධාරීන් වයස අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ රජයේ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින්, අභියාචනාධිකරණය නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කර තිබෙනවා.

ඊට අමතරව මෙම කරුණට අදාළව අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෙත්සම යළි විභාගයට ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අභියාචනාධිකරණය වෙත තවත් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

අභියාචනාධිකණය විසින් නිකුත් කළ අදාළ අතුරු තහනම් නියෝගය නීතියට පටහැනි බවත් එය බල රහිත කරන ලෙසත් ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ අභියාචනයක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය ඊයේ (17) නිකුත් කළා.

යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ ඒ. එච්.එම්.ඩී. නවාස් යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

රජයේ සේවකයින් වයස අවුරුදු 60 දී අනිවාර්යය විශ්‍රාම ගැන්වීමට ඉකුත් රජය සමයේ අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගෙන තිබුණා.

එම තීරණයට එරෙහිව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සහ එහි සභාපති පූජ්‍ය මූරුත්තේට්ටුවේ ආනන්ද හිමි ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම් විභාග කළ අභියාචනාධිකරණය අදාළ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වලමින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබුණා.

මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එවැනි නියෝගයක් නිකුත් කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවත් සඳහන් කරමින් නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කළා.

එම පෙත්සම විභාග කිරීමෙන් අනතුරුවයි ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56