මාවතගම පරගහදෙණිය සිංහපුර ප්‍රදේශයේ කුඹුරක් අසළ දමාගොස් තිබූ දෙදිනක් වයසැති බිළිඳෙක් අද (17) පෙරවරුවේ පොලීසිය සොයාගෙන තිබෙනවා.
ප්‍රදේශවාසියෙකු කළ දැනුම්දීමකට අනුව සිදුකළ සෝදිසිකිරීමකදී එම ප්‍රදේශයේ අතහැර ගොස් සිටි මෙම බිළිඳා සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරුව කඩිනමින් ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් විසින් මෙම බිළිඳා මාවතගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
දරුවාගේ මව්පියන් සොයාගැනීම සඳහා මේ වනවිට මාවතගම පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි එම පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
23
+1
5
+1
10
+1
229
+1
24
+1
8





