දින 03ක් තුළ දිල්ලියේ ප්‍රධාන පාසල් 05කට බෝම්බ තර්ජන

ඉන්දියාවේ නවදිල්ලි පිහිටි ප්‍රධාන පෙළේ පාසල් 05කට දින 03ක් තුළ බෝම්බ තර්ජන එල්ල වී තිබෙනවා.

හින්දුස්තාන් වෙබ් අඩවිය වාර්තා කළේ, දින 03ක් තුළ පාසල් ඇතුළුව ස්ථාන 10කට මෙලෙස බෝම්බ තර්ජන ඇති වී තිබෙන බවයි.

බෝම්බ තර්ජන එල්ල වූ පාසල් 05 අතර ද්වාරකා හි ශාන්ත තෝමස් පාසල, වසන්ත් කුන්ජ් හි වසන්ත නිම්න පාසල, හවුස් ඛාස් හි මදර්ස් ජාත්‍යන්තර පාසල, පෂ්චිම් විහාර් හි රිච්මන්ඩ් ග්ලෝබල් පාසල සහ ලෝඩි වතුයායේ සර්දාර් පටෙල් විද්‍යාලය යන පාසල් මේ අතර වන බවයි ANI පුවත් ඒජන්සිය වාර්තා කළේ.

PTI පුවත් සේවයට අනුව, ද්වාරකා පාසලට අද (16) අලුයම 5.26 ට සහ වසන්ත් කුන්ජ් පාසලට අද අලුයම 6.30 ට බෝම්බ තර්ජන තැපෑල මගින් ලැබී තිබුණා.

දිල්ලි පොලිසිය, බෝම්බ නිෂ්ක්‍රීය අංශය, පොලිස් නිල සුනඛ බලකාය සහ සයිබර් විශේෂඥයින් කණ්ඩායම් සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

දිල්ලි ගිනි නිවන රථ දෙපාර්තමේන්තුව නිවේදනය කළේ පරීක්ෂණ සිදු කෙරෙමින් තිබුණ ද සැක සහිත කිසිවක් හමු වී නොමැති බවයි.

දින දෙකකින් ශාන්ත තෝමස් පාසලට ලැබුණු දෙවන බෝම්බ තර්ජනය මෙය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03